කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඉච්චන්කාඩු මුහුදු ප්‍ර‍දේශයේ අද දින (පෙබරවාරි 18) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී, ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.