උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 17) දින උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් නයිලෝන් දැල් 07 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, අදාල තහනම් ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.