නාවික හමුදාව පල්ලීකුඩා ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) පල්ලීකුඩා ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, මිටර් 1500 දිගැති දැල් 02 ක් සහ මිටර් 1000 දිගැති තහනම් දැලක් සොයා ගත් අතර, අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා පුනරින්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.