නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598.1 ක් සහ ඩිෆෙන්ඩර් ජිප් රථයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42 සහ 44 වන වියෙහි පසුවන උකුවෙල සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිෆෙන්ඩර් රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.