වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 19) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

19 Feb 2019

නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

19 Feb 2019

නාවික හමුදාව පල්ලීකුඩා ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) පල්ලීකුඩා ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

19 Feb 2019