පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම මසුන් තොගය ‍ඩිංගි යාත්‍රාව තුළ ‍දමා සැකකරුවන් පළාගොස් ඇති බවට සැක කෙරේ.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, භාවිතා කරන ලද විදුලි නොවන ඩෙටනේටර් කොපුවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 50 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් තොගය, අනෙකුත් ධීවර ආම්පන්න සහ උපකරණ ඉදිරි කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය දිනවල මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම සහ කින්නියා ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමේ කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.