ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සයුරළ නෞකාව එක් වෙයි

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පෙබරවාරි 16 වන දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය වෙත සේනදු වන ලදී. ඒ අනුව, පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ වන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සයුරළ නෞකාව එක් වන ලදී.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිගරු ජනාධිපති, ෆයික් කලීෆා බින් සයිඩ් අල් නයාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී. ඒ අවස්ථාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටොම් මහතා ඇතුළු රටවල් රැසක ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ නියෝජිතයින් රැසක් සහභාගිවි සිටි අතර, මෙම ආරක්‍ෂක ප්‍රදර්ශනය හෙට (පෙරබවාරි 21) දින අවසන්විමට නියමිතව ඇත.

එමෙන්ම, කලාපයේ රටවල්වල සන්නද්ධ හමුදා අතර ශක්තිමත් සබඳතා පවත්වාගත හැකි වේදිකාවක් නිර්මාණය කර දීම අරමුණ කරගත් ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව දෙවසරකට වරක් අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පවත්වනු ලබයි. ඒ අනුව, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ සංවිධානය කරනු ලබන එකම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙය වන අතර, ආරක්‍ෂාවට අදාල ගොබඩිම්, සාගර සහ ගුවන් යන අංශයන්ගේ භාවිතාවන නවිනතම තාක්‍ෂණික අංගෝපාංගයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.