වැදගත් සිදුවීම්

අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (පෙබරවාරි 20) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

20 Feb 2019

නාවික හමුදා ‍මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගත් අතර, මෙම මසුන් තොගය ‍ඩිංගි යාත්‍රාව තුළ ‍දමා සැකකරුවන් පළාගොස් තිබුණි.

20 Feb 2019

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සයුරළ නෞකාව එක් වෙයි

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පෙබරවාරි 16 වන දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය වෙත සේනදු වන ලදී. ඒ අනුව, පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ වන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සයුරළ නෞකාව එක් වන ලදී.

20 Feb 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම මසුන් තොගය ‍ඩිංගි යාත්‍රාව තුළ ‍දමා සැකකරුවන් පළාගොස් ඇති බවට සැක කෙරේ.

20 Feb 2019

අමාන් 2019 ආහාර ප්‍රදර්ශනයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සමගාමීව පසුගිය පෙබරවාරි 10 වන දින පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ද එක්විය.

20 Feb 2019