නාවික හමුදා ‍මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගත් අතර, මෙම මසුන් තොගය ‍ඩිංගි යාත්‍රාව තුළ ‍දමා සැකකරුවන් පළාගොස් තිබුණි.

ඒ අනුව, අද (ජනවාරි 20) උදෑසන එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් තුඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය. එහිදී, විදුලි නොවන ඩෙටනේටර් 03 ක්, වෝටර් ජෙල් කූරු 16 ක්, සහ අඩි 2 යි අඟල් 03 ක් දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක් ඇතුළු කිමිදුම් උකරණ කිහිපයක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය සහ කිමිදුම් උපකරණ ‍කුච්චවේලි, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී. .