ධිවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) පුල්මුඩේ, පොල්මල්කුඩා වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 28, 32 සහ 25 වන වියෙහි පසුවන සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර අම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.