නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කල්පිටිය, පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (පෙබරවාරි 23) කල්පිටිය, බසාර් විදියේදී නීති විරෝධී දුම්වැටි 800 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා 23 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට පත් නීති විරෝධී දුම්වැටි තොගය විකිණීම සඳහා සූදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කල්පිටිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.