වැදගත් සිදුවීම්

කේරළ ගංජා ග්‍රෑම් 144 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පටිටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 24) නාකුළුගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 144 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Feb 2019

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය සඳහා නාවික හමුදා සහාය

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය අද (පෙබරවාරි 24) කොළඹ ගාලු මුවදොරදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍ය ‍ගරු ජෝන් අමරතුංග මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

24 Feb 2019

කැස්බෑ බිත්තර 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 23) දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 60 ක් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 23) මන්නාරම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Feb 2019

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කල්පිටිය, පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (පෙබරවාරි 23) කල්පිටිය, බසාර් විදියේදී නීති විරෝධී දුම්වැටි 800 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Feb 2019