මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 24) මන්නාරම සවුත් බාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. එහිදී, ජෙලග්නයිට් කිලෝග්‍රෑම් 1.1 ක් (කූරු 11) විදුලි නොවන ඩෙටනේටර් 03 ක් සහ අඟල් 3 ක් දිගැති ආරක්ෂිත වෙඩි නූල් 03 ක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
එමෙන්ම, පසුගිය පෙබරවාරි 10 වන දින මෙම ප්‍රදේශයේදීම මෙවැනිම ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, සුළු පිරිසක් විසින් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.






