නාවික හමුදාව බත්තලන්ගුංඩුව, වැල්ල මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 2‍6) බත්තලන්ගුංඩුව, වෙල්ල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. එය මිටර් 20 ක් පමණ දිගකින් යුක්ත වන අතර, අදාල ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය, ධිවර මෙහෙයුම් කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.