ශ්‍රී ලංකාවේ ඇ‍මරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ඇතුළු දූත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති වශයෙන් කටයුතු කරන ලබන ඇලීනා ටැප්ලිස් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද (පෙබර‍වාරි 27) හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලද අතර, එහිදි තානාපතිතුමිය නාවික ස්ථානගත කිරීම් හම්බන්තොට අණභාර නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන කොම‍දෝරු අශෝක විජේසිරිවර්ධන නිලධාරිතුමන් ද හමු වීය.

අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා හම්බන්තොට වරායෙහි ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් සහභාගී විය.