‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රහකයින් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 24 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. ඒ සඳහා සහභාගි වූ නාවික හමුදා සහාය දිවිමේ කණ්ඩායම සිය සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් එහි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වන ලදී.

ඒ අනුව නාවික හමුදා ජයග්‍රහකයින් ඊයේ (පෙබරවාරි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු වූ අතර, එහිදී දක්වන ලද සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමා විසින් ඔවුන් ඇගයීමට ලක් කරන ලදී. තවද, එහිදි සිය සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තිය අත්කර දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන්, එම ක්‍රීඩකයින් හට සිය ප්‍රශාංසාව පිරිනමන ලදී.