නීති වීරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 03) පිටිවැල්ල, බූස්ස මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මරූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ස්පියර්ගන් 02 ක් සහ කායක් වර්ගයේ යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, අල්ලන ලද මසුන්, ස්පියර්ගන් සහ යාත්‍රා ඉදිරි කටයුතු සඳහා ගාල්ල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.