විදේශීය ජාතිකයෙකු නීති වීරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට

රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී (White Jungle Beach) ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ ස්පියර් ගන් උපකරණය හා අල්ලන ලද මසුන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම විදේශිකයා අවුරුදු 53 ක පමණ වයසැති යුක්රේන් ජාතිකයෙකු බව තහවුරු කරගෙන ඇති අතර, අත්අඩංගුවට පත් විදේශීය ජාතිකයා, ස්පියර්ගන් උපකරණය සහ අල්ලන ලද මසුන් ඉදිරි කටයුතු සඳහා ගාල්ල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.