වැදගත් සිදුවීම්

මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිලෙහි ශිව පුජාව සඳහා නාවික හමුදා දායකත්වය

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් විසින් ඊයේ (මාර්තු 04) දිනට යෙදි තිබූ මහ ශිව රාත්‍රි පුජාව අති උත්කර්ෂවත් අන්දමින් සැමරිමට කටයුතු කරන ලද අතර, ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ හින්දු බැතිමතුන් මෙවරත් මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සහ අද (මාර්තු 05) උදෑසන ශිව දෙවියන් උදෙසා සිදු කරන ආගමික වතාවත්වල නිරත විය.

05 Mar 2019

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 05) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

05 Mar 2019