‘ධලේශ්වරී’ නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

පසුගිය මාර්තු 03 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (අවි) මොහොමඩ් මහබ්බත් අලී මහතා ඊයේ (මාර්තු 05) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා හමුවූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ද සහභාගි විය.

එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.