රියර් අද්මිරාල් රුවන් පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (මාර්තු 06) වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙත පිළිගත් අතර, වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුජීව පෙරේරා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත භාර දීම සිදු කෙරිණි. එමෙන්ම මීට පෙර රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදී.

තවද, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් සුජීව පෙරේරා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇති අතර, එතුමන් හට වයඹ නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.