වැදගත් සිදුවීම්

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 03 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව අද (මාර්තු 06) වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

06 Mar 2019

රියර් අද්මිරාල් රුවන් පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (මාර්තු 06) වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

06 Mar 2019

‘ධලේශ්වරී’ නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

පසුගිය මාර්තු 03 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (අවි) මොහොමඩ් මහබ්බත් අලී මහතා ඊයේ (මාර්තු 05) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා හමුවූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ද සහභාගි විය.

06 Mar 2019