ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සිය 07 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ 07 වන සංවත්සරය ඊයේ (මාර්තු 12) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ජලමානක) නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු යොදා තිබුණි.

තවද, ඊයේ උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමා විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලද අතර, සංවත්සරය සිහිකරනු වස් අණදෙන නිලධාරිතුමා විසින් ආයතන පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කරන ලදී. එමෙන්ම, අණදෙන නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වි‍මෙන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.