නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 13) උදෑසන සින්නපාඩු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හත්දෙදෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 19, 34, 35, 37, 43 සහ 65 වන වියෙහි පසුවන සින්නපාඩුව, මදුරන්කුලිය සහ පල්ලියවාසලපාඩුව ප්‍රදේශවල පදිංචි අය බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍රය 04 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 28 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කෙරිණි.