මුහුදේ අනතුරට පත් ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 14) මන්නාරම, වැලිපර අතර සිය ධීවර යාත්‍රාව සිරවිම හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

මෙම ධීවර යාත්‍රාව ඊයේ (මාර්තු 13) ‍මන්නාරම, පේසා‍ලේ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, වැලිපර 4 සහ 5 අතර මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව වැලිපර අතර සිරවිම හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. මන්නාරම, වැලිපර 4 ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා රේඩාර් මධ්‍යාස්ථානය මඟින් අනතුර නිරික්‍ෂණය කර ඇති අතර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ එම නාවිකයින්, ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමට කටයුතු කරන ලදී.