වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 17) අයියකච්චි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් කේරළ ගංජා යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

18 Mar 2019

නීති විරෝධි මත් පෙති සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලංකාවිල් පොලිසිය‍ මෙන්ම කිලිනොච්චිය, ආහාර සහ ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් එක්ව ඊයේ (මාර්තු 17) කිලිනොච්චිය, මුලංකාවිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් (Pregabalin) වර්ගයේ වේදනා නාශක පෙති අලෙවි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Mar 2019

මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුල්මුඩේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ (මාර්තු 17) පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයේ සිදු කළ වැ‍ටලිමකදි මසුන් මැරිමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Mar 2019

කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වැලිගම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 17) මාතර, වල්ගම ප්‍රදේශයේ සිදු කළ ‍වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත

18 Mar 2019