වැදගත් සිදුවීම්

නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 19) කල්පිටිය, සේරක්කුලිය මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තංගුස් වර්ගයේ තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

19 Mar 2019

ලීමා - 2019 ට සහභාගී වීම සඳහා සාගර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා අද (මාර්තු 19) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

19 Mar 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 18) කල්පිටිය, පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

19 Mar 2019