නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 19) කල්පිටිය, සේරක්කුලිය මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තංගුස් වර්ගයේ තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. එම ධීවර දැල මීටර් 75 ක් පමණ දිගකින් යුක්ත වන අතර, අදාල ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.