වැදගත් සිදුවීම්
ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 20) උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් හමුවී ඇති අතර, එහි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
20 Mar 2019
සාර්ථක සංචාරයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යුද නෞකාවන් අද දින (මාර්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.
20 Mar 2019
600 වෙනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කෙරේ.
600 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, අද (මාර්තු 20) වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, රජයේ මැති ඇමතිවරුන් ඇතුළුව ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
20 Mar 2019
තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
ගිනිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 19) කල්මුනේ, මරදමුනෙයි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු සහ ඔහු සතුව තිබූ මීටර් 100 ක් දිගින් යුත් තහනම් දැල් 06 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
20 Mar 2019