සාර්ථක සංචාරයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යුද නෞකාවන් අද දින (මාර්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.

දෙවන ලෝක යුධ සමයේදී මඩකලපුව මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නෞකාවක් සෙවිමේ මුලික කටයුතු සඳහා පසුගිය මාර්තු 11 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු යුද නෞකාවන් එම විමර්ශන කටයුතුවලින් අනතුරුව පසුගිය මාර්තු 17 වන දින සුහද සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුලදී එහි නැව්මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ සුහද ක්‍රීකට්, ඇවිදීමේ සහ කිමිදුම් යන තරඟ ඉසව් කිහිපයකටම සහභාගී විය.