ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 20) උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් හමුවී ඇති අතර, එහි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.