බීඩී කොළ කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 21) උදැසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩී කොළ සහිත ගෝනි 04 ක් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

තවද, පෙර දින (මාර්තු 20) රාත්‍රී කාලයේ සිදුකළ සෝදිසි කිරීම්වලදි සොයාගන්නා ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් විසින්ම මෙම බීඩි කොළ තොගය ද රැගෙනවිත් ඇති බවට සැක පළ කෙරේ.

ඒ අනුව මාර්තු මස 20 සහ 21 යන දෙදින තුල ශ්‍රිලංකා නාවික හමුදාව විසින් බීඩී කොළ කිලෝග්‍රෑම් 1239 ග්‍රෑම් 62 ක් අත්අඩංගුවට ගැණීමට සමත් වී ඇත.