වැදගත් සිදුවීම්

බීඩී කොළ කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 21) උදැසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩී කොළ සහිත ගෝනි 04 ක් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

21 Mar 2019

බීඩී කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 20) රාත්‍රි කාලයේ තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

21 Mar 2019