‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදා මූලස්ථානයේ ධර්ම දේශනාමය පිංකමක් පැවැත් විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සියළු විධානයන්හි ආඥාපතිවරුන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සියළු ආයතන සහ නෞකා මෙන්ම යාත්‍රා මූලික කර ගනිමින් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට සංවිධානය කර ඇත. ඒ අනුව, අද (මාර්තු 22) නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථාන සොමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී මහමෙව්නා අසපුවාසී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් ධර්මදේශනාමය පිංකමක් පැවැත්විය. අනතුරුව ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳ ප්‍රතිඥාව කියවීමද මෙහිදී සිදු විය.

එම අවස්ථාව සඳහා නාවික හමුදාමුලස්ථනයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් ද විශාල පිරිසක් සහභාගිවි සිටියහ.