නාවික හමුදාව සහ පොලිසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 09 ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (මාර්තු 24) දකුණු මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් සමඟ විදේශීය පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට පත්විය.

එහිදී, මෙම යාත්‍රාව තුල තිබී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පාර්සල් අසුරා තිබූ ඇසුරුම් හතරක් (04) සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.