නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 24) මඩකළපුව කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, අඩි 150 දිගින් යුත් තහනම් දැල් 21 ක් සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.