නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 25) ත්‍රිකුණාමලය, ජයනගර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. එම ධීවර දැල මීටර් 25 ක් පමණ දිගකින් යුක්ත වන අතර, එම ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.