ලුතිනන් කොමාණ්ඩර් අතුල බණ්ඩාර ශ්‍රීලංනා‍‍නෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර ඊයේ (මාර්තු 26) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (අවි) ධම්මික ජයවර්ධන විසින් ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

ඒ අනුව ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සුමක් අද (මාර්තු 27) උදෑසන පැවැති අතර, එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් සහ නෞකාවේ හිටපු අණදෙන නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (අවි) ධම්මික ජයවර්ධන ද සහභාගිවි සිටියහ.