වැදගත් සිදුවීම්

සාර්ථක පුහුණු අභ්‍යාසයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‍නෞකා හතරින් (04) දෙකක් වන ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 30) වන දින කොළඹ වරායෙන් පිටත් විය.

30 Mar 2019

බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 29) රාත්‍රියේ තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

30 Mar 2019

මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 191 ක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 30) උදෑසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

30 Mar 2019