වැදගත් සිදුවීම්

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල, ධීවර වරායෙන් පසුගිය මාර්තු 29 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘මධුෂාන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 31) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

31 Mar 2019

නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 29 වන දින තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝගෑම් 2026.84 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, එම ප්‍රදේශයේ ඊයේ (මාර්තු 30) තවදුරටත් සිදු කළ සෝදිසි කිරිම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

31 Mar 2019

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 30) කල්පිටිය, වැල්ල මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

31 Mar 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 30) කල්පිටිය, දළුව මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් සහ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහහතරදෙනෙකු (14) අත්අඩංගුවට ගෙන ඇත.

31 Mar 2019