කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි අද (අප්‍රේල් 01) වැඩ භාර ගන්නා ලදී.

ත්‍රිකුණාමලය, ත්‍රි ෆැදම් ජැටියේදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් කසුන් මංජුල විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත සිය ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.