හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුතුර්, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 01) පුල්මුඩේ, තක්ව නගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 194 ක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා මුතුර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මුතුර්, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය මැඩලිමේ ජාතික කර්තව්‍යට උරදෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රිය දායකත්වය ඒ සඳහා ලබා දීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලිමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි මත්ද්‍රව්‍ය වැටලිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.