පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායක්තවය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් ඊයේ (අප්‍රේල් 01) පෑලියගොඩ නගරයේ ඉදි වෙමින් පවතින නව එළවලු වෙළදසැල අසලින් ගලා බසින ඇල මාර්ගය පිරිසිදු කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

එම ඇළ මාර්ගය අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව තිබූ අතර, එමඟින් ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව ද නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙම කර්තව්‍ය සඳහා නාවික පුද්ගලයින් 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව ඇති ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර අලංකාරවත් අයුරින් සහ ප්‍රයෝජනයට ගත හැකි පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන අතර, ඒ සඳහාම වෙන්වු විශේෂ ඒකකයක් නාවික හමුදාව තුළ ස්ථාපිත කර ඇත. ඒ අනුව එම ඒකකය මඟින් විනාශයට ලක්වෙමින් තිබෙන ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කර දිමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.