වැදගත් සිදුවීම්

‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය

ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කල ‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය මෙවර 10 වන වරටත් පසුගිය මාර්තු 27 වන දින සිට 30 වන දින හම්බන්තොට, වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන භූමියේදී පැවැත්විණි.

02 Apr 2019

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 02) කොළඹ වරායට ‍සේන්දු විය.

02 Apr 2019

Jet Ski Championship - Navy Cup 2019 එළඹෙන 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship - Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් කර ඇත.

02 Apr 2019

පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායක්තවය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් ඊයේ (අප්‍රේල් 01) පෑලියගොඩ නගරයේ ඉදි වෙමින් පවතින නව එළවලු වෙළදසැල අසලින් ගලා බසින ඇල මාර්ගය පිරිසිදු කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

02 Apr 2019