‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය

ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කල ‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය මෙවර 10 වන වරටත් පසුගිය මාර්තු 27 වන දින සිට 30 වන දින හම්බන්තොට, වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන භූමියේදී පැවැත්විණි.

මෙම අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා අභිමානය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටි කිහිපයක් ස්ථාපිත කර තිබූ අතර, ප්‍රදර්ශණය නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් හට නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා, නිල ඇදුම්, නිලයන් හා තරාතිරම් සහ නාවික මෙහෙයුම් ඇතුළු නාවික හමුදාව සම්බන්ධ අනෙකුත් විස්තර සැ‍කෙවින් දැන ගැනීමේ අවස්ථාව සළසා දී තිබිණි. එය ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි සියළුදෙනාගේ විශේෂ අවධානයකට ලක් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථව උදා කර දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු සමස්ථ නාවික හමුදාව ඇගයීමට ලක් කරන ලදී.

මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා දකුණු ප්‍රදේශ භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික අණභාර නිලධාරී (හම්බන්තොට), කොමදෝරු අශෝක විජේසිරිවර්ධන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගීවි සිටියහ.