‘බක්මහ දිවුරුම’ ලබා දෙමින් මතින් නිදහස් රටක් වෙනුවෙන් කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දුන් ‘බක්මහ දිවුරුම’ අද (අප්‍රේල් 03) උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී විය.

ඒ අනුව මතින් නිදහස් රටක් වෙනුවෙන් කැපවන බවට නාවික හමුදා සාමාජිකයින් දිවුරුම් දීමේ ප්‍රධාන උත්සවය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි උපරිමයෙන් කැපවන බවට එහිදී සියලුම නාවික හමුදා සාමාජිකයින් සහ නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කරන ලදී. අනතුරුව එම අවස්ථාවට සහභාගී වී සිටි පිරිස ඇමතූ මාණ්ඩලික ප්‍රධානීතුමා, පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීක අප සැම තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් පසු වාර්තමානය වන විට තවත් බිහිසුණු උවදුරක් වන මත්ද්‍රව්‍ය උවදුරට ලක්ව ඇති බවත්, එම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවි ඇත්නම් එම උවදුරින් මිදි සිය ජිවිතය ආලෝකමත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් නාවික පුද්ගලයින් හට උපදෙස් ලබා දෙන ලදී. තව දුරටත් අදහස් දැක් වූ එතුමන් ප්‍රකාශ කර සිටියේ රටේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන නාවික හමුදාව මෙම මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්විම සඳහා වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කර ඇති බවයි. තවද, අප මාතෘ භූමිය මතින් තොර නිදහස් රටක් බවට පත් කිරීමට අප සැම එක්වි කටයුතු කළ යුතු බවත්, ඒ තුලින් අනාගත පරපුරට සෞභාග්‍යමත් සුරක්‍ෂිත රටක් ගොඩනැගීමේ හැකි බව වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථා‍ව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්‍ වරුන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එමෙන්ම මිට සමගාමිව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ‘බක්මහ දිවුරුම’ ලබාදීම සිදු කෙරිණි.



බටහිර නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය

දකුණු නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය

උතුරු නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය

නැගෙනහිර නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය

උතුරු මැද නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය

වයඹ නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය

ගිණිකොන නාවික විධානයේ ‘බක්මහ දිවුරුම්’ උත්සවය