‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරිතුමා නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් කෝනර් ඕනේල් නිලධාරිතුමා අද (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩේවිඩ් අෂ්මාන් ද සහභාගිවී සිටියහ.