බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව අද (අප්‍රේල් 03) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලද අතර, මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. .