ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපතිතුමා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු යුරි බී. මැතේරි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ඊයේ කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් මිකොලොවිච් ක්රොක්මල් සහ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද සහභාගිවී සිටියහ.

එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු පිරිසක් ඊයේ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද හමුවි සුහද පිළිසඳරක නිරත වූ අතර, එහිදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තනාපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා අතර හමුව

‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාවේ අණදෙන නිලධාරිතුමා සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා අතර හමුව