ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු යුරි බී. මැතේරි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.